ඉදිරි දින කිහිපය තුළ කොළඹ මර්මස්ථාන වලට බෝම්බ ප්රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් සනාථ කළහැකි සාක්කි ඉදිරිපත් වී නැතැයි ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේකර මහතාට අද (05) දැනුම් දුන්නේය.
බන්ධනාගාර රැඳවියකු බන්ධනාගාර බස් රථයෙන් එළියට වීසී කළ තුණ්ඩු කැබැල්ලකින් මෙම අපරාධය පිළිබඳ තොරතුරු හෙළි වු බව කියමින් ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් කොට වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත්වරයා පෙරේදා (04) කළ නියෝගයට අනුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය මේ බව දැනුම් දුන්නේය.
ඉදිරි දින කිහිපය තුළ කොළඹ ර්මස්ථාන වලට බෝම්බ ප්රහාර මාලාවක් එල්ල වන බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ඉල්ලා අස්කකර ගැනීමට ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්රාත්වරයා එම වාර්තාව ඉල්ලා අස්කකර ගැනීමට අවසර දුන්නේය.