කොළඹ නගරයේ පවතින ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) ඉංග්‍රීසා භාෂාව භාවිතයෙන් තොරතුරු තාක්ෂණය නොමිලයේ උගන්වන අධ්‍යාපන ආයතන බවට පත්කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේම බංකොලොත් වි ඇති රටක කොළඹ පවතින ජනපති මන්දරය ශ්‍රී ජයවර්ධනපුර ප්‍ර දේශයට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
"බංකොලොත් රටක අපි විශ්වාස කරනවා මන්දිර වල කිසිම අවශ්‍යතාවක් නෑ. මේ රටට අවශ්‍ය වෙන්නේ නෑ මන්දිර දේශපාලනයක්. ජනාධිපතිවරයා වේවා, අග්‍රාමාත්‍යවරයා වේවා ඒ අයට සුඛෝපභෝගී ජීවිත ගත කරන ඒ මන්දිර දේශාපලනය, මන්දිර සංස්කෘතිය අපි සහමුලින්ම ඉවත් කරනවා.
අද බංකොලොත් රටක අම්මලට දරුවන්ට ත්‍රි පෝෂ දෙන්න බැරි රටක එදිනෙදා වේල් තුන පිරි මහ ගන්න බැරි රටක පාසල් යන දුවා දරුවන්ට පොත් බෑගය, සපත්තු කුට්ටම, පොත්පත් ටික අම්ලට තාත්තලට ලබා දෙන්න බැරි රටක අද ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ජනාධිපති මන්දිරය කොටුව ඉදලා ජයවර්ධනපුර බල ප්‍ර දේශයට ගෙනියන්න.
අපි මේ භූමිය පාවිච්චි කරනවා අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය , ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) රට බබලවන තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව තුළින් නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පය තුළ නොමිලයේ දූ දරුවන්ට ලබා දෙන වැදගත් ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ආයතන තුනක් බවට පත්කරනවා"