කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට අද 12 සවස හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටී එක් මං තීරුවකට වඩා වැඩි කොටසක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
තවදුරටත් ගල් පෙරළීමේ අවධානම පවතින බැවින් එම ස්ථානයේ මේ වන විට තිබෙන ඉඩකඩ අතරින් රථවාහන ධාවනය ඉතා අනතුරුදායක බව ද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
බෙරගල හපුතලේ සහ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය යන මාර්ග වලටද ගල් පෙරලීමේ අවදානම මේ වන විට පවතින බැවින් එම මාර්ග භාවිතයේදී විමසිලිමත්ව ඉතා පරිස්සමින් රථ වහන ධාවනය කරවන ලෙසද පොලීසිය හා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම්දෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයද හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රදේශවලට අද 12 නායයාමේ අවදානම් කහ නිවේදනය නිකුත් කර ඇති බව ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.