කොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.
ඒ සඳහා නියමිත සායනික බෙහෙත් පත හා අන්යථාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත් හෝ පිළිගත් හැඳුනුම්පතක් සමග ලියාපදිංචි වී ඇති බටහිර බෙහෙත් ශාලාව වෙත වාර්තා කරන ලෙසද ඇය දන්වා සිටියි.
මරදාන සුදුවැල්ල ප්‍ර දේශයේ නිරෝධායනය සඳහා වසා ඇති ප්‍ර දේශයේ සායනික රෝගින් සඳහා අවශ්‍ය බෙහෙත් සුදුවැල්ල නාගරික බෙහෙත් ශාලාවෙන් නිකුත් කොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් ලබාදීමට කටයුතු යොදා ඇති බවද කොමසාරිස්වරිය දන්වා සිටියි.
මෙම සායනික ඖෂධ 2020/04/15 දින සිට අඛණ්ඩව නිකුත් කරන බවද කොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.