සැප්තැම්බර් මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබුණි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා දත්තවල මෙය දැක්වෙයි
සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) -0.5%ක් දක්වා අඩු වී ඇත.