අද (31දා) කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් වැඩබලන පොලිස්පතිවරයා ක්‍රියාවට නංවා තිබේ. ඒ අනුව කොළඹ නගරයට ඇතුළුවන ස්ථාන 16ක් ආවරණය කරමින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් මාර්ග බාධක යෙදවීමට කටයුතු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් කොළඹ නගරයට පැමිණීම තහවුරු කිරීම මගින් කොළඹ නගරයේ මෙම වෛරසය පැතිරීම අවම කර ගැනීම මෙහි අරමුණයි.