ගතවූ දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරය තුළ බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් උද්ගතව ඇතැයි කොළඹ මහ නගර සභාව අනතුරු අඟවයි.
ඒ අනුව එම රෝගවලින් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මාලාවක් කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය අංශය විසින් මේ වනවිට නිකුත් කර තිබේ.
පහත සඳහන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට කොළඹ මහ නගර සභා සීමාවේ සියලු ජනතාව කටයුතු කළ යුතු බවත් තමන් සහ තම පවුලේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම නගර වැසියන්ගේ වගකීම වන බවත් කොළඹ මහනගර සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
01.උතුරුවා නිවා ගත් ජලය පානය කරන්න.
02.පිසූ ආහාර හැකි ඉක්මනින් කෑමට ගන්න.
03.ආහාර පිළියෙල කිරීමට හා ආහාර ගැනීමට පෙර සබන් යොදා අත් සෝදන්න.
04 එළවළු හා පලා වර්ග හොඳින් සෝදා පිළියෙල කරගන්න.
05 ආහාරපාන මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට වසා තබන්න.
06. වැසිකළි යාමෙන් පසු සබන් යොදා අත් සෝදන්න.
07 මළපහ කිරීමට වැසිකිළි භාවිත කරන්න. දරුවන්ගේ මළපහ වැසිකිළියටම දමන්න.
08.වැසිකිළියට සහ නිවසින් පිටතට යාමේදී පාවහන් පාවිච්චි කරන්න.
09.දියර ලෙස මළපහ පිටවූයේ නම් ජීවනී ප්‍රතිකාරය පටන් ගන්න. වමනය පාචනය ඇත්නම් වහාම සෞඛ්‍ය උපදෙස් ලබාගන්න .
10. කුණු කසළ නිසි පරිදි බැහැර කරන්න.
11. ජලයෙන් යටවුණු බිමේ සෙල්ලම් කිරීමෙන් වළකින්න .
12. ජලය නොබසින කාණු පිරිසුදු කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න. මී උණ සඳහා ලබා දී ඇති ඖෂධ නිසි පරිදි ලබා ගන්න ලබාගන්න.
13.මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න.