රජරට ප්‍රදේශයේ හටගන්නා ආර්ථික භෝග විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් නොමැතිව ගස් යට වැටී යන බවත්, එම බෝග නාගරික ප්‍රදේශවල සුවිශාල මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවත්, ගොවියා මරා ගෙන කන අතරමැදි මාෆියාව වහා නතර කිරීමට රජයේ පියවර ගත යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කලේ ඊයේ (12දා) තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩ සටහනකට සහභාගි වීමෙන් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
"රජරට ප්‍රදේශයේ තිබෙන ආර්ථික භෝග විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් නොමැතිව ගස්යට වැටී යනවා, එම බෝග නාගරික ප්‍රදේශවල සුවිශාල මිල ගණන් යටතේ අලෙවි කෙරෙනවා එයට උදාහරණයක් ලෙස ගත්විට කොළඹ ප්‍රදේශයේ දෙහි කිලෝවක් රුපියල් 2000කට අලෙවි වනවා. එහෙම අලෙවින් වෙන කොට, එම දෙහි කිලෝ එක අනුරාධපුරයේ රුපියල් 50ත් අලෙවි කිරීමට නොහැකිව තිබෙනවා. ගලෙන්බිඳුනුවැව පැත්තේ දෙහි ගස් යට වැටිලා තිබෙනවා අපි දැක්කා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සමෘද්ධි නිලධාරින් ඉන්නවා, සංවර්ධන නිලධාරීන් ඉන්නවා, ග්‍රාම නිලධාරීන් ඉන්නවා, මේ අය එකතු කර ගෙන තමන්ගේ පරිපාලන ග්‍රාමීය ප්‍රදේශයේ මොනවද තියෙන ආර්ථික භෝග , මොනවද වගා කරන්නේ, අස්වැන්න වැඩි බෝග මොනවද කියලා සොයා බලලා එයට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන්න ඕනේ.
ඒ නිසා තමයි, අද ඉඟුරු කිලෝ එකක් රුපියල් 4000ත් පැනලා තියෙනවා , මේක තමයි සත්‍ය
රුපියල් 1800ට ගන්න ඉඟුරු කිලෝ එකෙන් රුපියල් 1000ක් වත් අඩුම තරමේ ගොවියාගෙ අතට එන්න ඕනේ , අතර මැදි මාෆියාව තමයි මේක කරන්නේ. මේ වන විට රජරට ප්‍රදේශයේ විශාල වශයෙන් අඹ අස්වැන්න ලැබෙමින් පවතිනවා, එත කොට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඊයේ කරත්ත කොලොම්ඹ, අඹ කිලෝ එකක් රුපියල් 150යි, ඒකට බෙහෙත් ගහලා නගරේ විකුණනවා රුපියල් 500ට 600 ට අඹ ගස් තියෙන ගොවීන්ටවත් සාධාරණ මිලක් එන්නේ නැහැ.
රජය දැන ගන්න ඕන ඵලදාව වැඩි වෙන කොට මේ භෝග වලට නිශ්චිත මිලක් ලබා දෙන්න. ඒ ගොවියා රැක ගන්න අතර මැදියාට අයුතු ලාභ ගන්න බැරි වෙන්න සාධාරණ වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕනේ.
පාරිභෝගික අධිකාරිය ගැන කතා කරලා වැඩක් නෑ ඒගොල්ල තමයි මේකට මැදිහත් වෙන්න ඕනේ,
අද කොමඩු මේ ප්‍රදේශවල කුණු ගොඩවල් වල ගොඩ ගහලා තියෙනවා විකුණ ගන්න බැරුව මිලක් නැතුව මේ ලංකාවෙ මේ දස් වල තියෙන රශ්නයට කොමඩු ජූස් හදලා බොන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ ,මේවා රජයේ රෝහල්වලට, හමුදා කදවුරු වලට පාසල් ළමයින්ට, පොලිසියට, කම්කරුවන්ට සහ පාසල් දරුවන්ට උදේ ආහාරත් එක්ක කොමඩු කෑල්ලක් දෙන්න පුළුවන්. ඇයි මේකට වටිනාකමක් දෙන්න බැරි.
මේ පාලකයෝ මේ නිලධාරියෝ කොමිස් මත යැපෙන්නේ ඒවට තැනක් දෙන්නේ නැහැ. පාරිභෝගික අධිකාරිය දැන ගන්න ඕනේ ඒ, ඒ කාල වලට මේවායේ මිල පාලනයක් දාන්න."