ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සමිත්පුර චතුරංග නොහොත් චතු නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ට අයත් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
මට්ටක්කුලිය අනිවත්ත ක්‍රීඩාංගනය අසල මාර ගසක් මුල වළදමා තිබියදී එය සොයාගත් බව පොලිසිය කියයි
2022 අගෝස්තු මස 29 වැනි දින මට්ටක්කුලිය පොලිස් වසමේ දි අසිත නැමැති පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඩුබායි රටට හොර රහසේ පලාගොස් සිටි කොළඹ 15 මට්ටක්කුලිය සමිත් පුර පදිංචි කේ. ඩි. චතුරංග පෙරේරා නොහොත් චතු නැමැත්තාට එරෙහිව අදාළ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොළිස් ස්ථානය මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඩුබායි රාජ්‍යයේදී එරට පොලිසිය මගින් චතුරංග නොහොත් චතු නැමැත්තා අත්අඩංගුවට තිබිණි
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඉකුත් ජූලි මස 12 වැනි දින අපරාධකල්ලි සාමාජිකයා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කර විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කර තිබිණි
එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අවශ්‍යතාවයක් වුවහොත් පරිහරණය කිරීම සඳහා ගනේ මුල්ල සංජීව නමැත්තා ලබා දුන් අත්බෝම්බයක් මට්ටක්කුලිය ක්‍රීඩාංගනයක් අසල වළ දමා තිබෙන බවට අනාවරණය කරන ලද තොරතුරු අනුව එම බෝම්බය සොයාගත් බව පොලිසිය කියයි
චතුරංග නොහොත් චතු නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයේ සිටියදී
ගනේ මුල්ල සංජීව සමග එක්ව වැල්ලම්පිටියේ අසංක නොහොත් පරිප්පුවා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි
එම වෙඩි තැබීමේදී පරිප්පුවා යන අයට කිසිදු ජීවිත හානියක් සිදු නොවූ අතර වැල්ලම්පිටිය පොලිසිය මගින් වෙඩික්කරුවන් එම දිනවල අත්අඩංගුවට ගෙන තිබිණි
කුමන්ත්‍රණය කිරීම , වෙඩික්කරුවන් සැපයීම සහ ආයුධ ලබාදීම සිදුකර තිබූ බව වැඩිදුරටත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.26 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.