කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 12,970ක් සඳහා සෑම මසකදීම සිදුකෙරෙන මහජන ආධාර ලබාදීමේ මාර්තු මසට හිමි මුදල්, ආධාරලාභීන් වෙතටම රැගෙන ගොස් ලබාදීමේ වැඩසටහනක් මෙම මස 8, 9 සහ 10 යන දින තුන තුළදී කොළඹ නාගරික බල ප්‍රදේශයේ නාගරික කොට්ඨාස 47 තුළදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.
කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි, කොළඹ නාගරික කොමසාරිස්වරියගේ මෙහෙයවීම මත සහන නිලධාරීන් විසින් මෙම කටයුත්ත සිදුකරනු ලබයි.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පිළිපදිමින් මහජනතා සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි මෙය සිදුකිරීමට සියලු විධිවිධාන යොදා තිබේ. මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයද ලබාගැනීමට අපේක්ෂිතය.
දැනට මහජන ආධාරලාභීන්ගේ නාම ලේඛනයක් පරිගණක ගතකර නොමැති අතර, මේ වනවිට ආධාර ලාභියාගේ ඡායාරූපයක්ද සහිත සියලුම තොරතුරු තොරතුරු තාක්ෂණ පද්ධතියකට ඇතුළත් කරමින් පවතින බවත්, මේ මස සිට මහජන ආධාර ගෙවීමේදී easy cash/ mobi cash වැනි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් ඇසුරෙන් ගෙවීම් කිරීමට කටයුතු කරන බවත් කොළඹ මහ නගර සභාව පවසා සිටී. 011-2696123 යන දුරකථන අංකයට ඇමතීම මගින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
ප්‍රියාන් ෂමික