කහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී ආධුනික පොලිස් කොස්තාපල් වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් ගත කල සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ (102101) ඩබ්ලිව් පි එස් බොතේජු නමැති (23) හැවිරිදි නිලධාරියාය.
පොලිස් කොස්තාපල් 100271නන්දසේන යන නිලධාරියා ඉකුත් 17 වෙනිදින රාත්‍රී දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරී යෙදී සිට ඇති අතර පසුදින (18) අලුයම 5.40 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානය තුළට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ උප සේවක ලෙස රාජකාරියේ යෙදී සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා උපසේවක පුටුව මත නිදාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.
ඔහුව අවදි කිරීම සඳහා නන්දසේන නිලධාරියා අවස්ථා කීපයකදීම කතා කරා ඇතත් ඔහු අවදි නොවීම හේතුවෙන් හිසට පහරක් ගසා වතුරද වක්කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් එදින රාත්‍රී රාජකාරිය භාරව සිටි පොලිස් සැරයන්වරයෙකුටද දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
පසුව මේ සම්බන්ධයෙන් දුරකථනක්රියාකරු සහ සැකකාර කොස්තාපල්වරයා අතර බස්වීමක්ද සිදු වී තිබිණි.පසුව දුරකථන ක්‍රියාකරු ඔහුගේ තනිකඩ බට නිවාසය කරා පිටව ගොස් තිබූ බව සිට ඇත.
රාත්‍රී ජංගම රාජකාරී නිමා කළ පොලිස් සැරයන් වරයෙකු ගෙනවිත් බාර දී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකාර පොලිස් නිලධාරියා අවිපෙට්ටියට නොදමා ඔහු සන්තකයේ තබාගෙන දුරකථන ක්‍රියාකරු රැඳී සිටින තනිකඩ බට නිවාසය වෙත ගොස් එහි සිටි දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදීමින් වෙඩි තැබීම සඳහා ගිනි අවිය ක්‍රියාත්මක කිරීමත් සමඟම දිවා රාජකාරී සඳහා පිටවීම සඳහා සූදානම් වෙමින් සිටි වෙනත් කොස්තාපවරුන් දෙදෙනකු සැකකාර කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීම හේතුවෙන් සිදුවීමට ජීවිත හානියක් වැළකී ගොස් තිබිනි.
සිද්ධිය සම්බන්ධයෙන් නන්දසේන නමැති කොස්තාපල්වරයා විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මිනි මැරිමට තැත්කිරිම, සාපරාදි මරන තර්ජන චෝදනා යටතේ කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 27 වෙනිදින දකවා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් නියෝග කර නියෝග කෙරිණි .
ඉහත විසමාචාර ක්‍රියාව හේතුවෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතා විසින් එම වැඩ තහනම සිදු කර ඇත