ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් අතරින් 80ක්ම විදේශ රටවල මිට මෙරටට පැමිණි පුද්ගලයන් බවත් සෙසු රෝගීන් ඔවුන් සමීපව ඇසුරු කළ අය බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
එසේම රට පුරා ඇඳිරි නීතිය පනවා රෝගය ආසාදනය වූ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් විශල ප්‍රමාණයක් නිරෝධායනය කිරීමට කටයුතු කරගෙන යන බවත් ඇය පැවැසුවාය.
පසුගිය මාර්තු 19 දා සිට ගුවන් තොටුපොළ වසා දමා 20 දා සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවිමත් සමග පුද්ගලයන්ගේ සංචරණ්ය සම්පූර්ණයෙන්ම සීමා වී තිබේ.
මාර්තු 19 දා සිට අප්‍රේල් මස 19 දා දක්වා දින 30ක කාලය ඇතුළත රට තුළ සංචරණය සීමා වී තිබේ.
මාර්තු 19 දා සිට අප්‍රේල් 19 දා දක්වා දින 30ක කාලය ඇතුළත මේ රටේ සංචරණය සීමා වී ඇති නිසා කොරෝනා රෝග ලක්ෂණ හඳුනා ගැනීමට දින 30ක කාලය ප්‍රමාණවත් බව ඇය පැවැසීය.
එසේම යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝග ලක්ෂණ තිබී එය පහව යෑමටත් දින 30න කාලය ප්‍රමාණවත් බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.
ඒ අනුව අප්‍රේල් 19 දා දක්වා රජය විසින් පනවා ඇති නීතිරීති වලට අවනත වී සෞඛ්‍ය අංශ ලබදී ඇති උපදෙස් පිළිබඳව සැලකිලිමත් වී මෙම නිරෝධායන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.