ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ඉහළම ප්‍රතිපාදන වෙන් කරන බවත් කොරෝනා ප්‍රතිශක්ති කරණ එන්නතේ අවශ්‍යතාවය අනුව එම එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් වූ නීතිරීති සම්මත කර ගැනීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් මහනුවර ජාතික රෝහලේ ඉදිකරන ලද දැඩිසත්කාර ඇඳන් 16 කින් සහ සාමාන්‍ය රෝගී ඇඳන් 100 කින් සමන්විතව ඉදිකරන ලද කොරෝනා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (26දා) සිය අදහස් පළ කරමිනි.
“මීට පෙර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුයේ ආරක්ෂක අමාත්‍යංශයටයි . දෙවනුව වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ අධ්‍යාපන අමත්යංශයටයි . සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කරනු ලබන්නේ තුන්වෙනියටයි . නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මා සමග පවසා සිටියා මෙවර වැඩිම මුදලක් වෙන් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට කියා. එම මුදල් වෙන් කරනු ලබන්නේ අළුත් දේවල් පටන් ගන්න නොවෙයි. දැනට පටන් ගෙන තියෙන දේවල් සම්පූර්ණ කිරීමටයී.
බොහෝ පිරිසක් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට පැමිණෙන නමුත් එය නොසලකා හරින තත්ත්වයක් යටතේ රටේ අවශ්‍යතාවය මත ඉදිරියේදී එන්නත ලබා ගැනීම පිළිබඳ සමාලෝචනය කිරීමට සිදුවෙනවා. එන්නත සම්බන්ධයෙන් ඉදිරියේදී නීති රාමුවක් සකස් කිරීමට අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා .
පාසල් ආරම්භ කිරීමට ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබුණු ගුරුවරුන්ගේ එන්නත්කරණය මේ වන විට 99% ක ඉලක්කය පසු කර හමාරයි.”
ෂේන් සෙනෙවිරත්න