කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.
ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනය සේවය කරන කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් මෙලෙස යන එනමං නොමැතිවීම මත දෙදෙනෙකු පිටත්ව ගොස් ඇති අතර අනෙක් දෙදෙනා ඔවුන්ට අයත් කාරයක සහ ත්‍රීරෝද රථයක නැගී තානායම අසලට ගොස් මෙලෙස රැඳී සිට ඇත.
මේ බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිණිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් කාරය සහ ත්‍රීරෝද රථය ආරක්ෂා සහිතව ගාල් කර තැබීමට පුරපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.
නවාතැන් පොලෙන් ඉවත් කළ මෙම ආසාදිතයින් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා ආගිය තැනක් සොයා ගැනීමට නොහැකිවූ බවද දැනගන්නට ලැබිණි.
ගම්පහ තිලකරත්න