කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව කඩිනමින් අවධානයට ලක්විය යුතු කරුණු සම්බන්ධයෙන් අද (03දා) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබි තිබිණි. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත් ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබාගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන, සෞඛ්‍ය ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.