ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මෙම ඉන්දීය එන්නත් තොගය හෙට දිනයේදී දිවයිනට ලැබීමට නියමිතය.
“වසංගත රෝග විද්‍යා අංශයේ එන්නත් ගබඩාවට එන්නත ලබා ගන්නවා.
එන්නත එදිනම හැකි ඉක්මනින් ප්‍රාදේශීය ඖෂධ ගබඩා මධ්‍යස්ථාන 26 වෙත බෙදා හරිනවා.
පසුව ආයතන මගින් ඉල්ලා ඇති ආකාරයට මෙය බෙදා දෙනවා සෞඛ්‍ය සේවකයින් මේ වන විටත් ලැයිස්තු ගත කර තිබෙනවා.
ඉදිරිපෙළ සියලු දෙනාගේ නම් ලැයිස්තු ගත කර තිබෙනවා. ඉදිරි දින කිහාපයේදී ඒ සියලු දෙනාටම එන්නත ලබාදෙනවා.
ප්‍රධාන රෝහල් හයක පළමුවෙන්ම සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් මෙම එන්නත ලබාදෙනවා
ඒ අනුව කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂන රෝහල, හෝමාගම රෝහල, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල ජාතික බෝවන රෝග විද්‍යාතනය (IDH) යන රෝහල්වල කාර්ය මණ්ඩලයේ සියයට 25කට මෙම එන්නත ලබාදෙනවා.
මේ රෝහල්වල අනිද්දා සිට කාර්ය මණ්ඩලයේ කොටසකට ලබාදෙනවා. ඉදිරි දිනවල ඉතිරි අයට ලබාදෙනවා. “
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2d201b6971.jpg)