කොල්ලුපිටියේ මාරක රිය අනතුරට සම්බන්ධ සුඛෝපභෝගී බෙන්ස් රථය පැදවූ පුද්ගලයා 24 හැවැරිදි ව්‍යාපාරිකයෙක් බවත් ඔහු මේ වන විට ඩුබායි වෙත පළාගොස් ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් පොලීසිය පවසයි.
අනතුර සිදුවූ පැය කිහිපයක් ඇතුළත ඔහු රටින් පළාගොස් තිබේ. රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් එමින් සිටියදී මෙම බෙන්ස් රථයට ඉදිරියෙන් ගමන් කළ ත්‍රි රෝද රථයක් අනතුරට ලක්කළ අතර ත්‍රි රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගියේය.
අනතුරින් පසුව බෙන්ස් රථය පැදැවූ බවට සැකකරන මෙම ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පළාගොස් තිබුණි. මෙම ව්‍යාපාරිකයා කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටලයක කාමරක් කුලියට ගෙන ජීවත්ව සිටි ඇති බවට වාර්තා වෙයි.
රටින් පළාගිය සැකකරු නැවත ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ඉන්ටර්පෝල් සහාය ලබාගැනීමට පොලීසිය බලාපොරොත්තු වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f07e2c534e.jpg)