මේ දිනවල ශ්වසනාබාධ රෝගී තත්ත්වයක් පැතිර යන බවත්, එවැනි රෝගී තත්ත්වලට ලක්ව සිටින පිරිස් හැකි තරම් විවේක ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
%කොරෝනා^ වෛරසය රට තුළ ව්‍යාප්ත වුවහොත් වැඩිහිටි පිරිස් කුඩා දරුවන්, ගර්භනී මව්වරුන්, දියවැඩියා රෝගීන් හා ශ්වසනාබාධ රෝගීන් රැකබලා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
%කොරෝනා^ වෛරසයට මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති බවත්, ආසාදනය වීම වළක්වා ගැනීමට මෙතෙක් ඖෂධ නොමැති බවත් ලේකම්වරයා පවසා සිටියේය.
එහෙත් අපේ කලාපයේ මෙම වෛරසය පිළිබඳව පරීක්ෂා කිරීමේ පහසුකම් ඉන්දියාවට අමතරව අප රටේ පවතින බවද ඔහු සඳහන් කළේය.
වයස්ගත පිරිස් කුඩා දරුවන් හා ගැබිනි මව්වරුන් ශ්වසානාබාධ තිබෙන පිරිස් දියවැඩියා රෝගීන් 'කොරෝනා' වෛරසයට ක්ෂණිකව ගොදුරු විය හැකි බවත්, මේ නිසා මෙම පිරිස් රැකබලා ගැනීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
VIDEO