මේ මොහොතේ රජයේ අවධානය පළමුවද ,දෙවනුවද, තෙවනුවද කොරෝනා වසංගතය තුරන් කිරීම බවත් කොරෝනා ව්‍යසන අවදානමෙන් ජනතාව මුදා ගැනිම මේ මොහොතේ රජයේ ප්රමුඛ කාර්ය බවත් එයින් ජනතාව නිදහස් කර ගන්නා තුරු මැතිවරණ කෙරෙහි රජය කිසිදු අවධානයක් යොමු නොකරන බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මැතිවරණ හෝ දේශපාලනය යනු ඉන් එහා දෙයක් පමණක් බවත් කෙහෙළිය අමාත්‍යවරයා පැවසීය.
කොරෝනා උවදුර දඩමිමා කරගෙන මහා මැතිවරණය පැවැත්වීම සදහා රජයේ සූදානමක් පවතින බවට ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් මේ දිනවල කරන චෝදනා සම්බන්ධයෙන් මහනුවරදි මාධ්‍යයට අද (15) අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
දකුණු කොරියාව කොරෝනා වසන්ගත තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් එය මැඩපැවැත්වීමෙන් අනතුරුව එරට ප්රජාතන්ත්රවාදය උදෙසා මහා මැතිවරණය පවත්වනු ලැබු බවත් එය සාර්ථක රාජ්‍යයක ලක්ෂණයක් බවත් ඒ මහතා පැවසිය.
එමෙන්ම මැතිවරණය පැවැත්විම මෙන්ම ඒ සදහා දින නියම කිරීම මැතිවරණ කොමිසමේ සභාපති ප්රමුඛ කොමිසම සතු කාර්යයක් යැයිද බොහෝ දේශපාලන කණ්ඩායම් මේ බව හොඳින්ම දැන නොදන්නා සේ කටයුතු කිරිම කනගාටුවට කරුණක් බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
කොරෝනා අවදානම රට තුළ බිංදුවට පහළ බැසගිය පසු රට යථා තත්ත්වයට පත් කිරීමත් සමග ජනතාවට අවශ්‍ය ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර දීම රජය සතු කාර්යයක් බවද ඒ වෙනුවෙන් රජය කැප වන බවත් හිටපු අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.