කොවිඩ් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇතිවු ඉතාලියේ මිලියන 16ක් වන සමස්ත සේවකයන්ට ජූලි මස වැටුපට තවත් යුරෝ 100 ක දිමනාවක් ඒකතු කිරිමට පියවර ගන්නා බව ඉතාලි මුදල් ඇමති රොබැර්තො ගුවල්ටියෙරි මහතා පැවසීය.
මෙයට පෙරත් රජය විසින් ඉතාලියේ පවුල් සඳහා සහන රැසක් ලබා දුන්නේය.
ඊයේ (28) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,40,310 ක් මරණ 34,738 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සක්‍රීය කොවිඩ් රෝගින් 16,681 ක් දක්වා අඩු වන විට සුවවු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,88,891 දක්වා වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (28) දිනයේදි නව කොවිඩ් ආසාදිතයන් 174 ක් මරණ 22 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු