කොරොන වයිරසය අවම වශයෙන් අවස්ථා 1,300 කදී එක්සත් රාජධානියට පැමිණ ඇති බව වෛරසයේ ජාන විද්‍යාව පිළිබඳ ප්‍රධාන විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.
කොවිඩ් -19 ජෙනොමික්ස් එක්සත් රාජධානියේ කොන්සෝර්ටියම් (කොග්-එක්සත් රාජධානිය) විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් එක් රෝගියෙකු හරහා ("patient zero") මුළු එක්සත් රාජධානියේම වසංගය පැතිරී ගිය බවට වන අදහස මුළුමනින්ම අවලංගු වී තිබේ.
වසංගතය ආරම්භ වූ චීනය එක්සත් රාජධානියේ සිදුවීම් කෙරෙහි ඇතිකර ඇති බලපෑම නොසලකා හැරිය හැකි තරම් මට්මක පවතින බව විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත.
එක්සත් රාජධානියෙන් ආරම්භ අවස්ථා වැඩි වශයෙන් පැමිණියේ ඇත්තෙ යුරෝපා රටවලින් බවද එම අධ්‍යනය පෙන්නුම් කරයි.
පර්යේෂකයෝ එක්සත් රාජධානියේ කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 20,000 කට වැඩි පිරිසකින් ලබාගත් වෛරස් සාම්පල වල ජාන කේතය විශ්ලේෂණය කරමින් මෙම සොයාගැනිම් සිදුකර තිබේ.