අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 රාජකාරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සෞඛය අමාත්‍යාංශයට දන්වා සිටියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිපියක් යොමුකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ තම ජීවිතය හා පවුලේ සාමාජිකයින්ගේ ජීවිතයන් අවධානමේ දමමින් රෝග නිවාරණය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවා රෑ සිදුකරන මෙහෙය සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කරගෙන නොමැති බවයි.
එම හේතුව නිසා අවම ආරක්ෂිත පහසු කම් පවා තම සාමාජිකයින්ට නොලැබෙන බවට සභාපති වරයා චෝදනා කර ඇත.
අවම පහසුකම් වත් ලබා නොදීම.
ප්‍රවාහන පහසුකම් ලබා නොදීම
ආහාර ඇතුළු මූලික පහසුකම් ලබානොදීම.
අත්‍යාවශ්‍ය නෛතික ප්රථිපදන සකස් නොකිරීමෙන් නිළධාරින් අනතුරේ හෙලීම.
යන ගැටලු හතරට විසදුම් ලබා නොදෙන්නේ නම් කණගාටුවෙන් වුවද 04.04.2020 දින සිට රාජකාරී කටයුතු වලින් තම නිළධාරින් ඉවත්වන බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියි.