‘කොවිඞ් – 19’ වසංගතයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අංශ හා එක්වෙමින් එම මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් හා නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත්ව සිටියි.
කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමේ දී මෙරට සෞඛ්‍ය අංශවලට අත්‍යවශ්‍ය දැඩි සත්කාර ඒකක ඇඳන්, කෘත්‍රිම ශ්වසන උපකරණ ආදී වෛද්‍ය හා සායනික උපකරණ මෙරට තුළදීම නිපදවීමට බොහෝ කර්මාන්තකරුවන් ඉදිරිපත්ව සිටින මේ අවස්ථාවේ දී ඔවුන්ට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙහි අනුග්‍රහය ලබාදෙන ලෙසටත් කොරෝනා වසංගතයෙන් මිදීමෙන් පසු මෙරටට අවශ්‍ය වන කාර්මික නිෂ්පාදන රට තුළදීම නිපදවා ගැනීම සඳහා ඉදිරිපත් වන පිරිස් කල්තියා හඳුනාගන්නා ලෙසටත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබාදුන් උපදෙස් අනුව ඉහත කාර්යය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වූ බව එහි සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
එම උපදෙස් යටතේ ‘කොවිඞ් 19’ මඩින්නට සිය දායකත්වය ඉහත සඳහන් ආකාරයට ලබා දීමට සූදානම් කර්මාන්තකරුවන්ට හා නව නිපයුම්කරුවන්ට කඩිනමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වීමට ක්ෂණික දුරකතන අංක දෙකක් ද ලබා දී තිබේ.
ඒ අනුව 0718 063292 (කෝලිත මහතා) සහ 0714 288473 (ශ්‍රීමාල් මහතා) යන දුරකථන අංක ඔස්සේ තමන් හා රාජකාරි වේලාවන් තුළ සම්බන්ධ වන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්තකරුවන්ගෙන් හා නව නිපැයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.