රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තයේ සිට
ස්විස්ටර්ලන්තයේ ප්‍රංශ බසින් කටයුතු කරන බටහිර පළාත්වල කොරෝනා මරණවලින් තුනෙන් එකක්ම සාත්තු නිවාසවල දිවි ගෙවන්නන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් සියලු පළාත්වලට මෙලෙස එකම ආකාරයකින් කොරෝනා වයිරසය ආසාදනය නොවන බවද, වව්ඩ්(Vaud) හි වාර්තා වූ මරණ 123න් 60ක්, නියුචටෙල්(Neuchatel) හි මරණ 45න් 19ක්, ජිනීවා(Geneva)හි මරණ 45න් 19ක් සහ බර්න්(Bern) හි මරණ 28න් 03ක් වැඩිහිටි නිවාසවල දිවි ගෙවන්නන් බවද අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.
මේ වන විට මෙම නිවාසවල ගොදුරු වන රෝගීන් ප්‍රමාණයේ වර්ධනය වීමක් පෙන්නුම් කරන බව පෙන්වාදෙන විදෙස් පුවත්, ජිනීවාහි පිහිටි මෙවැනි නිවාස පණස් හතරකින් විසිදෙකක්ම දැනටමත් ඊට ගොදුරු වී සිටින බවද උපුටා දක්වා ඇත. එසේම බර්න්හි නිවාස 67කින් 20ක් සහ එක් සාත්තු නිවාසයක සේවය කරන්නන් නවයක්ද මෙම වයිරසයට ගොදුරුව සිටින බව පෙන්වා දෙන්නේ මෙහි අවදානම කියාපාමිනි.
ඒ රෝගී බව වයෝවෘද්ධ භාවය මෙම වයිරසය ආසාදනය වීමට වැඩි බලපෑමක් එල්ල කරන බැවිනි. මෙම නිවාස සියල්ල වසා දමා ඇත්තේද පිටත සමාජයෙන් මොවුන් රැක ගැනීමේ පියවරක් වශයෙනි.එහෙත් ඉන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර මෙම වැඩිහිටි හා සාත්තු නිවාස කාර්යමණ්ඩලවලට නිසි ආරක්ෂිත මෙවලම්වල හිඟයක්ද මේ වන විට හටගෙන ඇත.
ඒ නිසා ඇතැම් කාර්යමණ්ඩල තමා විසින්ම සිය ආරක්ෂාව සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ ප්ලාස්ටින් බෑග් සහ ආරක්ෂක කණ්ණාඩි භාවිතා කරමිනි. එමෙන්ම ඔවුන්ට නිතර භාවිතා කළ මුහුණු ආවරණ පවා ඉවත නොදමා නැවත නැවතත් භාවිතා කිරීමට සිදුව ඇත්තේ මෙම මෙවලම්වල අගහිඟකම හේතුවෙනි.
කෙසේ නමුත් ඉතා සමීපයෙන් කටයුතු කරන (නැහැවීම,එහාමෙහා ගෙන යාම යාම,සනීපාරක්ෂාව සැලසීම ආදිය සිදුකරන) කාර්යමණ්ඩලවලට නිසි ආරක්ෂිත ඇඳුම් අත්‍යවශ්‍ය බැවින් මේ වන විට එම උපකරණ තොග ලැබෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.