කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබදව තොරතුරු ප්‍රචාරය විමේදි රජයෙන් ලබදෙන විශ්වාසදායි ප්රවෘත්ති වලින් පමණක් තොරතුරු ලබා ගන්නා ලෙස පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය , රෝගින් ගණණ සහ සුවවු තැනැත්තන් ගණන ආදි තොරතුරු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් හෝ කොරෝනා මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය මගින් පමණක් නිල වශයෙන් නිවේදනය කරනු ලැබේ.
වෙතන් වශයෙන් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු ,නිවරැදි හා විශ්වාසදායක තොරතුරු ම විය නොහැකි බැවින් නිල වශයෙන් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස මහජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටියි.
එමෙන්ම ව්‍යාජ තොරතුරු පැතිරවිම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද මහජනතාවට ඉල්ලා සිටියි.