පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (14) පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් විෂබීජහරණයට ලක් කෙරිණි .
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත යැයි හඳුනාගත් නිලධාරියකු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී පසුගියදා (8) වෙනිදා ඔහුගේ මිතුරෙකුගේ නඩු කටයුත්තක් සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති අතර ඒ අනුව පොල්ගහවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් මහේස්ත්‍රාත් අධිකරණ භූමිය විෂබීජහරණයට ලක් කෙරුණි.
ඒ ආසන්නයේ ඇති ආපන ශාලාවක් ද වසා දැමුණු අතර එහි හිමිකරු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් තම නිවාසවල ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි .
කොරෝනා ආසාදිත නිලධාරියා පොතුහැර තෝරවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ නිවසේ සාමාජිකයන් 06 දෙනෙකු බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි . මහේස්ත්‍රාත් අධිකරණය විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව අධිකරණය කටයුතු ආරම්භ කෙරිණි .