කොවිඩ් - 19 වෛරසය ආසාධිත සංචාරක මඟපෙන්වන්නකු නවාතැන්ගත් බව කියන තංගල්ල ගොයම්බොක්කේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනකු සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් අද (1) රෝහල්ගත කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි බව කියන මෙම මඟපෙන්වන්නා ඉකුත් 15,16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි මොහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (31) කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබිණ. මෙම මඟපෙන්වන්නා නවාතැන්ගත් සංචාරක හෝටලය ඊයේ (31) දින සිට තාවකාලිකව වසා දැමීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පියවර ගත් අතර එම හෝටලය විෂබීජහරණය කිරීම අද (1) සිදුකෙරිණි.
මෙම හෝටලයේ සේවකයන් දෙදෙනකු අද (1) දින වන විට සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව වෛද්‍ය ජගත් ගජධීර මහතා පැවසීය.
අනිෂා මානගේ
