අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව 19 ග්‍රාම නිලධාරි වසමේ හමුවු කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් අටදෙනා සහ කොරෝනා ආසාදිතයා කොළඹ සිට රැගෙන ආ වෑන් රථයේ රියදුරු සහ සහායක නිරෝධායනය සදහා පොළොන්නරැව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 09 රාත්‍රි ගෙන යනු ලැබිය.
මෙම කොරෝනා ආසාදිතයා කටාර් වල සංචාරයකින් පසුව පසුගිය මාර්තු 16 වෙනි දින අම්පාරට පැමිණ අතර පසුව පොලීසියට කරුණු වාර්තා කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශය අනුව මාර්තු 30 දක්වා තම නිවස තුල නිරෝධායනය වි තිබේ.
නිරෝධායනය වි දින දින නවයකින් පසුව ඔහුගේ නියැදි පරීක්ෂා කිරීමේදි කොරෝනා ආසාදිත වි ඇති බව තහවුරු කර ගැනිමෙන් පසුව ඔහු වැලිකන්ද කොරෝනා රෝහලට ඇතුලත් කර තිබේ.
මෙයට අමතරව මෙම ගම්මානයේ පුද්ගලයින් 320 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනය කරන අතර එම ප්‍රදේශයේ මාර්ග වසා දාම අගුලු දැමිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.
පවතින තත්ත්වය මත අක්කරපත්තුවට පැමිණෙන අම්පාර , කල්මුන,පොතුවිල් , ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර නගරයට ඇතුල්විමට හෝ පිටවිමට කිසිවෙකුට අවසර නොදෙන අතර අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් ඇතුල්විය හැකි බව අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා පැවසිය.
දැනට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ශ්‍රිලංකා යුධ හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය , සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල