දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 මට්ටමේ සිට 1 මට්ටම දක්වා නැවත සකස් කිරීමට දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කරන ලද ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙසේ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය වනු ඇති බවත්ය.