කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ තිබූ තාප්පයක් කඩා ඉවත් කළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දුම්රිය සේවකයන් විසින් අද පැවැත්වූ විරෝධතාවක් නිසා මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය දෙකක පමණ කාලයක් ප්‍රමාද විය.
මෙම දුම්රිය ස්ථානයේ නිල නිවාස පිහිටි ප්‍රදේශයට, දුම්රිය ස්ථානයට හා දුම්රිය පරිශ්‍රයන් වෙත අනවසරෙන් ඇතුළුවීම වළක්වාලීම සඳහා ඉදිකොට තිබූ තාප්පයක් කොටසක් එම ප්‍රදේශයේ ප්‍රද්ගලයන් කිහිප දෙනෙකු විසින් බලහත්කාරයෙන් කඩා ඉවත් කළ බව දුම්රිය සේවකයෝ සඳහන් කරති.
දුම්රිය ස්ථානයේ දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාද වීමට එරෙහිව හා එම පිරිස වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැය දෙකක පමණ වේලාවක් දුම්රිය සේවකයෝ දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත්ව සිටියහ.දුම්රිය සේවකයන් මෙම ක්‍රියා මාර්ගය ආරම්භ කිරීමත් සමග තාප්පයට හානි කළ පිරිසෙන් කොටසක් කොම්පඤ්ඤ වීදීය පොලීසිය විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ඉන් පසුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු සිදුකිරීමට දුම්රිය සේවකයෝ කටයුතු කළහ.