කැනඩා කොන්කෝඩියා සරසවියෙ ගණීත අංශයේ දර්ශණපති පශ්චාත් උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවිය දරුණු පිළිකාවකින් බැට කමින් සිටියදී මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතින් පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ කුරුණෑගල දොරටියාව මල්ලවපිටිය පදිංචිව සිටි 29 හැවිරිදි ඩබ්ලියු.එම්. මාෂා විජේසිංහ නැමති විවාහක උපාධි අපේක්ෂීකා සිසුවියකී.
ඇය කැනඩා කොන්කෝඩියා සරවියෙ තම උපාධිය හදාරමින් සිටින අතර තුරදී උදරයෙ ඇතිවු දරුණු පිළීකාවකින් බැට කමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවද කියයි. මෙම සිසුවිය තම සැමියා සමග ශ්‍රී ලංකාවට පැමින මෙරටදීද පිළිකාව සදහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවද කියයි. එසේ සිටියදි මෙලෙස මරණයට පත්ව ඇති බව කියයි.
වයඹ රාජකිය විද්‍යාලයෙ ආදි ශීෂ්‍යාවක් වන අතර ඇය පේරාදෙණිය සරවියෙ උපාධිධාරි සිසුවියක්ද වෙයි.ඒ සමගම ඇය පේරාදෙණීය සරවියෙ කථීකාචාර්ය වරියක් ලෙස සේවයක කරමින් සිටියදී වැඩි දුර අධ්‍යාපනය හැදැරීම සදහා කැනඩාවට ගොස් ඇති බව කියයි.
ඇගේ සැමියා පුද්ගලික දුරකථන සමාගමක සිවිල් ඉංජීනේරුවරයකු වෙයි.
ඇගේ පියා කෘෂීකර්ම අමාත්‍යංශයෙ ජේෂඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතර මව ඉබ්බාගමවු ජාතික පාසලේ කෘෂීකර්ම ආචාර්ය වරියක ලෙස කටයුතු කරති.
ගණිත අංශයෙ දර්ශණපති උපාධිය හැදැරීම සදහා කැනඩාවට තම සැමියා සමග ගොස් එහි රැදි සිට ඇති අතර ඒ වන විටත් ඇය පිළීකාවකින් බැටකමින් සිටි බව ඇගේ පියා මහත් වේදනාවෙන් පවසයි.
2023 වසරේ කැනඩාවේ කොන්කෝඩියා සරසවියට ඇතුල් වි ඇති එමාෂා තම රෝගී තත්වය උස්සන්න විමත් සමග නැවත මෙම වසර මැදදි ශ්‍රී ලංකාවට පැමින තිබේ.
කැනඩා සරසවියේ තම උපාධියට සම්බන්ධ පර්යේෂණයක් සදහා ඇය ඉදිරිපත්කල බැංකු කටයුතු පහසු කිරීමේ මෘදුකාංගය සාර්ථකව ඉදිරිපත් කරමින් ඒ සදහා තම සුවිශේෂ දායකත්වය දැක්විමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කර ඇති අතර තම උපාධියෙ අධ්‍යන කටයුතු සදහා වෙහොසක් ගෙන කටයුතු කල දක්ෂ ශ්‍රී ලාංකික සිසුවියක් බවත් එලෙස තම කටයුතු මෙහෙයවමින් සිටියදි මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුනී.
තම අධ්‍යාපන කටයුතු වලදි සුවිශේෂ දස්කම් රැසක් දක්වා ඇති මෙම උපාධි අපේක්ෂක සිසුවිය තම දැනුම දියුණු කිරීමට මහත් කැපවිමක් කරමිත් තිබු බව කියයි.
ඇයගෙ දේහය මේ වන විට කුරුණැගල දොරටියාව මල්ලවපිටිය නිවසේ තැම්පත් කර ඇති බවත් අවසන් කටයුතු කුරුණෑගලදී සිදුකිරීමට නියමිත බවද කියයි.
පේරාදෙණීය සරවියෙ මෙන්ම කැනඩා කොන්කෝඩියා සරසිවිය තුලත් තම අභිමානය මැනවින් විදහා පාමින් සිටි මෙම සුන්දර යුවතිය කා අතරත් හිත දිනාගත් තරුණියක් වු බව ඇගේ මිතුරු මිතුරියන් පවසති.