විවිධ මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් මරණයට පත්වන හඳුන් දිවියන්ගේ මරණවලින් සියයට අසුවක් පමණ වාර්තා නොවෙමින් පවතින බව පිරිසරවේදීහු සඳහන් කරති. උඩරට වතුකරය ආශ්රිත මිනිස් ක්රියාකාරම් හේතුවෙන් හා රථ වාහනවලට හසුව මරණයට පත්වන හඳුන් දිවියන්ගේ සිරුරු කොටියාට සාපේක්ෂව විශාල නොවීම නිසා හොර රහසේ ඉවත් කිරීමට බොහෝ පිරිස් කටයුතු කරන බවත්, උඩරට මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු රථවාහනවලට හසුව මරණයට පත්වන හඳුන් දිවියන්ගේ මරණ ප්රමාණය ගොස් ඇති බවද පරිසරවේදීහු කියති.
ඇතැම් පිරිස් හඳුන් දිවියන්, කඳුකර කොටියන්ගේ පැටවුන් යයි සිතා වැරදි මතයක එල්ඹගෙන සිටීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට එල්ල වී ඇති තර්ජන ඉහළ ගොස් ඇති බවත්, කඳුකරයේ ඔවුන්ගේ වාසස්ථාන ක්රමයෙන් අඩුවීම හේතුවෙන් ඔවුන් මෙසේ නිරත්තරයෙන් ආහාර සොයා ගැනීමට මිනිස් වෙසෙන ප්රදේශවලට බහුලව පැමිණීම හේතුවෙන් ජීවිතවලට තර්ඡන එල්ලවී ඇතැයිද පරිසරවේදීහු වැඩිදුරටත් පවසති.
ශාන් හුලංනුගේ