අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය.
අද දිනයට ගනුදෙනු අවසාන් කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව එය පිළිවෙළින් එම දර්ශකවල සියයට 3.03% ක හා 3.95% ක පහළ යාමකි.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබුණි.
සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ 11 වෙනි දිනටයි.