කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කළේය. ඒ අනුව අද දිනයේදි සමස්ත මිල දර්ශකය ඒකක 169.5කින් (සියයට 1.21කින්) ඉහළ ගොස් ඒකක 14 205ක් දක්වා ඉහළ ගියේය.
මේ අතර එස්. ඇන්ඩ පී දර්ශකයද ඒකක 57.9කින් (සියයට 1.21) ඉහළ ගොස් ඒකක 4244ක් දක්වා ඉහළ ගියේය.
දිනයේ වෙළඳපොල පිරිවැටුම රුපියල් බිලියන 6.1ක ද ඉක්මවා ගියේය.