(UPDATE) කඳුරුවෙල සිට කාන්තන්කුඩි දක්වා ධාවනය වූ බස් රථයක් කොටලීය පාලම අසලින් ඇලකට පෙරලීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 10ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගිය අය අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් 9ක් සිටින බවද එම කාර්යාලය පවසයි. මියගිය අයගෙන් 9 දෙනෙකුගේ මෘත ශරීර පොලොන්නරුව මහ රෝහලේත් එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් මනම්පිටිය රෝහලේද තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
ඊයේ රාත්‍රි 7.30ට පමණ මෙම අනතුර සිදුවිය. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය ඔයට බසයක් පෙරලීයාමෙන් 10 දෙනෙකු මියගිය බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කරයි. කදුරුවෙළ සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (09දා) රාත්‍රී 7.30 ට පමණ කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.
මියගිය හා තුවාල ලැබූ අය අක්කරේපත්තුව පදිංචිකරුවෝ වෙති. මෙම බස් රථයේ හැත්තෑවකට ආසන්න පිරිසක් ගමන් කර ඇති බව පොලිසිය පවසයි.