හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන්ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා මොනවාද යන්න පිළිබඳ වාර්තාවක් ගොනු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කුරුඳුවත්ත පොලීසියට අද (11දා) නියම කළේය.
මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට එසේ නියම කළේය.
සැකකරු විසින් සපරාධී බිය ගැන්වීමක් ,අයුතු අවහිර කිරීමක් හෝ නින්දා සහගත අපහාසයක් කළ බවට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය දැනුම් දුන්නේය.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය පැමිණිල්ලක් කරමින් පසුගිය ජනවාරි පළමුවැනිදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය සහ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන පුද්ගලයන් ඇතුළු පිරිසක් තමන් පදිංචි වී සිටින අමාත්‍යවරයකු වන තම පියාට රජයෙන් ලබාදී ඇති නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාධී බිය ගැන්වීමක් හා අපහාසයක් කර ඇති බව සඳහන් කොට ඇතැයි දැනුම් දුන්නේය.පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප නියම කර සිටින වෛද්‍ය චමල් සංජය මහතා අධිකකරණයේ පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් අනුව අදහස් ප්‍රකාශ කිරීමේ හා විරෝධය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බවත්, එම අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් යමෙකු අත්අඩංගුවට ගෙන හිරේ දැමීමේ හැකියාවක් පොලිසියට දී නැති බවත් කීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිවලින් යටපත් කළ නොහැකි බවද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලීසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව චෝදනා ගොනු කිරීමට අදහස් කරන්නේ යැයි කීවේය.පොලීසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා චෝදනා ගොනු කරන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්තිය යටතේද යන්න පිළිබඳව වාර්තාවක් ගොනු කිරීමට පොලීසියට නියම කළේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල ජුනි 10 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ මර්වින් ද සිල්වා, රජිත ලක්මාල් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල ජුනි 10 වැනිදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට නියම කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥ මර්වින් ද සිල්වා, රජිත ලක්මාල් සමඟ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.