හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහු විසින් රජයට භාර දී නොමැති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම වාහන දෙක පරිහරණය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළ බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
මීට අමතරව හිටපු අමාත්‍යවරයාට විජේරාම මාවතේ ලබාදී තිබූ නිල නිවසද මෙතෙක් ඔහු ආපසු භාර දී නෙමැති බව අදාළ නිලධාරියා සඳහන් කර තිබේ.
රාජ්‍ය නිලධාරියකු රිමාන්ඩ් භාරයේ සිටී නම් ඔහුට ලැබී ඇති සියලු වරප්‍රසාද වහා අහෝසි වේ. එසේනම් හිටපු අමාත්‍ය රඹුක්වැල්ල මහතාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ මන්දැයි එම නිලධාරියා ප්‍රශ්න කළේය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් ද වැලිකඩ බන්ධනාගාරයේ මේ වන විට රඳවා සිටින අමාත්‍යවරයාගේ සුවදුක් විමසීම සඳහා පැමිණෙන්නේ අදාළ නිල රථ දෙකින් බවද එම නිලධාරියා සඳහන් කර තිබෙ.
ටොයෝටා ප්‍රාඩෝ රථයක් සහ මර්සිඩීස් වර්ගයේ වාහනයක් මෙසේ ඔහු ආපසු අමාත්‍යාංශය වෙත භාර දී නොමැත.