මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක්ගතවී ඇතත්ඒ සඳහා මෙතෙක්ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි.
අරගල සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසගිනි තබා විනාශ කිරීමෙන් පසුඒ මහතාට තාවකාලිකව රැඳී සිටීම සඳහා කුලී පදනම මත මහනුවර මලබාර් වීදියේ පිහිටි මධ්‍යමය පළාත් මහ අමාත්‍ය නිල නිවස ලබා දී තිබේ.
එසේ ලබා දී ඇත්තේ ඔහුගේ මාසික වැටුපෙන්10% ක මුදලක් අය කර ගැනීමේ ගිවිසුමක් මත බව පවසන මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාළ මුදල් මධ්‍යම පළාත් සභාවට අය වී ඇතත් මේ වන විට එම මුදල් ලැබීම නතර වී ඇති බව ප්‍රධාන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු පැවසීය.
හිටපු අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් පසු මාස හතරක කාලයක් එම මුදල් අයවීම නතරවී ඇති බැවින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල් අයකර දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද සිදුකර තිබේ.