මිනිස් භාවිතයට නුසුදුසු ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ නමැති ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිදේහ එන්නත මෙරටට ආනයනය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටත්ව යැයි අභියාචනාධිකරණයට දැනුම් දුන් බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ නීතීඥවරයා නීතියානුකූලව සියළු කටයුතු සිදු කර ඇති තම සේවාදායකයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කිරීම නීති විරෝධී යැයිද අද (05) පැවසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් මාලිගකන්ද මහෙස්ත්‍රාත්වරිය විසින් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සම සළකා බැලූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා එසේ දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්රතිශෝධන පෙත්සම සලකා බැලු අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.
නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් රිමාන්ඩ් බාරයට පත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය ඉවත දමා තමන්ට ඇප දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සම සලකා බැලු අවස්ථාවේදී එලෙස දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් රිමාන්ඞ් භාරයට පත් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නිකුත් කර ඇති නියෝගය වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාලිගාකන්ද මහේත්‍රාත්වරිය, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශන වලින් අනතුරුව රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්යක්ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක නමැත්තා මාලිගාකන්ද මහේත්‍රාත්වරිය විසින් රිමාන්ඩ් බාරයට පත් කරන ලදී.
මෙම අපරාධයට කිසිඳු සම්බන්ධතාවයක් නොමැති තමන් රිමාන්ඩ් බාරයට පත් කරමින් මාලිගාකන්ද මහේත්රාත්වරියගේ දුන් නීතියට පටහැනි බවත් මහේත්රාත්වරියගේ එම නියෝගය වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද ඕනෑම කොන්දේසියක් යටතේ තමන්ට ඇප නියම කරන්නැයිද ඉල්ලා පෙත්සම්කරු මෙම පෙත්සම් ගොනු කර ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගොනු කර තිබු මෙම පෙත්සම මීට පෙර හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඩි.ඇන්. සමරකෝන් මහතා හමුවේ විභාග කළ නමුත් ඒ මහතා විශ්‍රාම යෑම හේතූවෙන් පෙත්සමම මුල යළි විභාග කෙරේ.
පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ඖෂධ මෙරටට ගෙන්වා රෝහල් වලට දී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියට අනුමැතියට යටත්ව යැයිද තම සේවාදායකයා නීතියට අනුකූලව කටයුතු කර ඇතැයිද කීය.
පොදු දේපල පනත යටතේ තම සේවාදායකයා රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාට එල්ල වී ඇත්තේ ආධාර අනුබල දීමේ චෝදනාව පමණක් බවත් කී ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා නඩු විභාගය අවසන් වනතුරු තම සේවාදායකයා රිමාන්ඞ් භාරයට පත් කරමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය අපරාධ විධාන සංග්‍රහයට සම්පූර්ණයෙන් පටහැනි යැයිද කීය.
යම් සැකකරුවකු නඩු විභාගයක් අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කළ හැක්කේ මහාධිකරණයකට පමණක් බවත් මේ තත්වය යටතේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් කී ජනාධිපති නීතිඥවරයා එහෙයින් ඉල්ලා ඇති සහනයන් ලබා දෙමින් තම සේවාදායකයා ඇප මත මුදා හැරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
වැඩිදුර පෙත්සම් විභාගය ලබන 10 වැනිදාට කල් තැබු අධිකරණය පෙත්සම එදින යළි කැඳද්වීමට නියම කළේය. පෙත්සම්කාර කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥ සහීඩා බාරි මහත්මිය සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා නියේජනයය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.