පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැවැල්ල මහතා දේශපාලනයට තාවකාලිකව සමු දෙන බව මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කොට තිබූ ඔහුගේ අනුගාමිකයන්ගේ සුහද හමුවකදී ප්‍රකාශයට පත් කළේය.
මහනුවර ගැටබේ ප්‍රධාන පෙළේ හෝටලයකට කැඳවා තිබූ ඒ මහතාගේ පාක්ෂිකයන් පන්සියයකට අධික පාක්ෂිකයන් හමුවේ ඒ මහතා අවධාරණය කර සිටියේ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන බවත් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් වූ පසු නැවත දේශපාලනයට පැමිණීමට අදහස් කරන බවයි .
ෂේන් සෙනෙවිරත්න