කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද 05/11 දින එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු සහ වව්නියා ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු 05/11 අලුයම එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ කැනඩාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් දෙදෙනා මෙම ගුවන් ගමන සදහා කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර භාවිතා කර තිබූ හෙයින් , ඔවුන් අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
ඉන්පසුව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් මෙම ගමන් බලපත්‍ර සකස් කර දුන් පුද්ගලයා මේ වනවිට මීගමුව සංචාරක හෝටලයක නැවතී සිටින බව කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු , එම හෝටලය වටලා එම පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු නේවාසික කාඩ් පත් භාවිතා කර වැඩි වශයෙන් කැනඩාවේ පදිංචිව සිටින්නෙකි .
ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ ගමන් බෑගය තුළ තිබී කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර 07 ක් සොයා ගෙන තිබූ අතර ඒවායින් 05 ක් සදහා කැනඩාවේ නේවාසික වීසා බලපත්‍ර ද තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි.
ඊට අමතරව ඉන්දීය ගුවන් සේවයට අයත් මුද්‍රනය නොකළ ගුවන් යානා ඇතුළු වීමේ අවසර පත් ( Boarding Card ) 10 ක් ද සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
එසේම කැනඩාවේ නේවාසිකව නවාතැන් ගැනීම සදහා භාවිතා කරන " නේවාසික කාඩ් පත් " ( Residence Card )
03 ක් ද ඔහු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඉන්පසුව මොවුන් තිදෙනා සහ ඔවුන් සන්තකයේ තිබූ කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර , නේවාසික කාඩ් පත් , නේවාසික වීසා බලපත්‍ර සහ ගුවන් යානා වෙත ඇතුළු වීමේ අවසර පත් සියල්ල සමග 05/12 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.