අම්මගේ මූණවත් මතක නැති දාහතර හැවිරිදි පුතා පෙනහලු රෝගී පියා සමග කුසගින්නේ සිටින දුක්බර පුවතක් ගලේවෙල යටිගල්පොත්ත ග්‍රාමසේවා වසමෙන් වාර් තා විය.
ගලේවෙල ,යටිගල්පොත්ත, මලවයාය ,කොහොඹගහේන ගම්මානයේ ජීවත්වෙන අනුර බණ්ඩාර අබේරත්න මහතා සහ දහ හතර හැවිරිදි වියේ පසුවන දහවැනි වසරේ ඉගෙනුම ලබන ආදරණීය පුතා සමග ජිවත් වෙයි.
කුසගිනි දරා ගැනීමට නොහැකිව දින තුනකට පමණ වරක් කාගෙන් හෝ ලබා දෙන ආහාර වේලකින් ඔවුන් කුස පුරවා ගන්නා බව කියයි, දරුණු පෙනහළු රෝගයකට ලක්ව සිටින අනුර බණ්ඩාර මහතාට කිසිදු වැඩක් පලක් කිරීමට නොහැකිය, මෙම පවුලේ තවත් ඛේදවාචකයක් බවට පත්ව ඇත්තේ මෙම දරුවාගේ මව දරුවාට වයස අවුරුදු එකහමාරක් පමණ වෙද්දි එමෙන්ම ඔහුගේ තවත් නැගණියට මාස නවයක් වයස තිබියදී හදිසියේ ඇතිවූ රෝග තත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
එම දියණිය මේ වන විටට 09 වන වසරේ ඉගෙන ගන්නා බවත් ඇය මිත්තණියගේ නිවසේ ඉන්න බව පියා කියයි, ඔවුන් දෙන්නාට අඩුම තරමේ කුඩා දියණිය දැක බලා ගැනීමටවත් යන්නට මුදල් නැති බවත් ප්‍රදේශවාසීන් ලබා දෙන ආහාර වේලකින් ජීවිතය සරිකර ගන්නා බව කියයි.
අප මෙම නිවසට යන විටත් ඔවුන් සතුව තිබුණු එකම වස්තුව බවට පත්ව තිබුණේ හාල් ග්‍රෑම් සීයක් පමණි, කිලෝ මීට ර් හතරක් යන්න එන්න මග ගෙවා පාසලට පා ගමනින් අඩුපාඩු රැසක් මධයේ කුසගින්නේ පාසලට යන බව පියා හැඩු කදුලින් කිවේය
තම දරුවා සපත්තු දෙකක් කකුලට දැමුවේ මේ වසරේ බවද එයද මිතුරෙකු විසින් ඉවත් කරන ලද සපත්තු දෙකක් ඔහුට තාවකාලිකව ලබා දී තිබුණු බව ද එයද පාසල් ගමනට සුදුසු නොවන බව කියයි.
හිතවත් අයකු පාපැදියක් ලබා දී තිබුණද එම පාපැදිය ද කැඩී පාවිච්චියට ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවේ ,ඊට අමතරව නිවසේ සියලු වැඩ කටයුතු මෙම දරුවා අතින් සිදු කරන බවත් පියා කියයි.
පියාට ප්‍රතිකාර ලබා ගැනීම මෙන්ම දරුවාගේ අධ්‍යාපන කටයුතු කුසගින්නට අහරක් අවැසි බවත් ඔවුන් කියයි,මෙම පවුලට රජයෙන් ලැබෙන අස්වැසුම නොලැ බෙන බවත් තම මවට අස්වැසුම හිමිවන නිසා අහිමි වී තිබෙන බව අනුර බණ්ඩාර මහතා කිවේය.
ඔවුන්ගේ ලිපිනය අනුර බණ්ඩාර අබේරත්න , කොහොඹ ගහහේන, යටිගල්පොත්ත , ගලේවෙල, දුරකථන අංකය 078 54782051 ඔහු නමින් ගලේවෙල ඩී එෆ්. සී සි බැංකුවේ ඇති ගිණුම් අංකය 102002912667
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1bb81a81b0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_e7a755e7e2.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d3556f19f5.jpg)