කුවේට් රාජ්‍යයේ ආපනශාලාවක ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටිය දී , එම ඇනවුම ලබා දීමට මදක් ප්‍රමාද වීම නිසා උරණ වූ කුවේට් ජාතිකයෙකු තැබූ වෙඩි පහරකින් ඔත්පළ වී , ඇදි වත පමණක් රැගෙන , ශ්‍රී ලංකාවේ තම දූ දරුවන් සහ අසනීප වී සිටින බිරිඳ ජීවත් කිරීම සදහා " හිගා කෑමට " මහ පාරට බැසීමට සූදානමින් මෙරටට 07/26 දින අලුයම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය .
ඔහු රාජාංගනය , යාය - 11 ප්‍රදේශයේ පදිංචි සාගර ලක්ෂ්මන් තිලකරත්න නැමැති 46 හැවිරිදි පුද්ගලයෙකි .
මම වැඩ කරමින් සිටි ආපනශාලාවෙ සිට ඒ ආපනශාලාවට ගිහිං , ඒ ඇනවුම භාර දීමට නියමිත " බර් " නැමැති කාන්තාර ප්‍රදේශයේ පිහිටි නිවෙස වෙත ගියා . ගිහිං ආහාර ඇනවුම් කළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් දුන්නා . ඔහු ඒකට පිළිතුරු දුන්නෙ නැහැ .
ඔහු ඔහුගේ මෝටර් රථයෙන් පැමිණ , මගේ මෝටර් රථය පිටුපසින් නවතා ගෙන සිටියදී , මම ඔහුට ආහාර ඇනවුම භාර දීමට , ඔහුගේ මෝටර් රථය අභියසට යනවාත් සමගම , ඔහු මෝටර් රථයේ වීදුරුව පහත් කර මට වෙඩි තැබුවා.
එසේ වෙඩි තබා ඔහු එරට භාෂාවෙන් "පළයන් යන්න " කියා පැවසුවා .
මම මෝටර් රථයට ආපසු පැමිණ , ආපනශාලාව වෙත පැමිණීමට තැත් කළත්, මට මෝටර් රථය පදවා ගෙන එන්න පාර පේන්නෙ නැතිව ගියා . මම මෝටර් රථය පාරෙන් අයින් කරළ නවත්වල , මම ඉන්න " ලොකේෂන් " එක ආපනශාලාවෙ අනෙක් මෝටර් රථයක රියැදුරුවරයෙකුට දාලා , මම මෝටර් රථය තුළ දිගා උනා .
එම රියැදුරුවරයා පැමිණ මාව රෝහලකට ඇතුළත් කළා . මාසෙකට පස්සෙ එරට පොලිසියට මාව රැගෙන ගිහිං කට උත්තර ප්‍රකාශයක් අරං යළිත් මාව රෝහල් ගත කළා .
ලංකාවට මේ සිද්ධිය ආරංචි වෙලා , බලපෑම් ආවම මාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගියා .මේ පිළිබඳ නඩු විභාගය ඉකුත් 06.06 දින උදෑසන 09.30 ට පැවැත්වීමට නියමිතව තිබුණත් තානාපති කාර්යාලයේ නිලධාරීන් මාව අධිකරණය වෙත රැගෙන ගියේ දහවල් 11.30 ට විතර . එතකොට නඩු විභාගය පවත්වන විනිශ්චයකාරතුමා , සිය කටයුතු අවසන් කරළ අධිකරණය තුළින් පිට වී ගිහිං තිබුණා .
ඊට පස්සෙ යළිත් මගේ නඩුව විභාග කරන දවසක් ගැන දන්නෙ නැහැ . මට පාසැල් යන දරුවො දෙන්නෙක් ඉන්නවා . මගේ බිරිඳ අසනීපෙන් ඉන්නෙ .ඇය සතිපතා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යනව .මම නඩුව පිළිබඳව නීතීඥතුමාගෙන් ද ඇහුවා . එයත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු හරියටම දන්නෙ නැහැ .
ඉතිං මේ පසුබිම යටතේ මම තානාපති කාර්යාලයට වෙලා ඉන්න එක තේරුමක් නැහැ . ඒ නිසා මම වැඩකරපු ආපනශාලාවට ගිහිං ඩිනාර් 100 ක් ඉල්ලා ගෙන , ශ්‍රී ලංකාවට එන්න ටිකට් හදා ගෙන ලංකාවට ආවා .
මම දැන් මොකද කරන්නෙ . යැයි ඔහු මාධ්යවේදීනගෙන් විමසීමක් සිදු කළ අතර , මද නිහැඬියාවකින් පසුව මම මගේ දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග " හිගා කනවා " යැයි ඔහු පවසා කටුනායක ගුවන් තොටුපොළෙන් , දෙනෝ දහසක් බලා සිටියදී සිය ගම් පියස වන රාජාංගනය බලා පිටත්ව ගියේය .