සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.
මෙම වාරණ නියෝගය මගින් චීන සමාගම වන කුවින්ග්ඩාඕ සීවින් බයෝටෙක් ගෘප් කම්පනි (Qingdao Seawin Biotech Group Co.) වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් (Letter of Credit) යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු කිරීමට නොහැකි වේ.
එම චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතයාට ණයවර ලිපිය යටතේ කිසිඳු ගෙවීමක් ලබාගැනීම ද අවහිර වන පරිදි වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගය නිකුත් කෙරිණ. රජයේ අධිනීතිඥ ශෙහාන් සොයිසා, ආචාර්ය චාරුක ඒකනායක, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.
ගිවිසුම යටතේ, චීන සමාගම විසින් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට නැව්ගත කිරීමට අවශ්‍ය වුව ද එම තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බව සිය නැව් උපදෙස් (shipping advice) වලදී සමාගම පිළිගෙන ඇති බව අධිකරණය වෙත දන්වා සිටියේය. ජාතික ශාක නිරෝධායන සේවය (National Plant Quarantine Service) විසින් ඔවුන් වෙත යවන ලද නියැදිය පරීක්ෂා කර ඇති අතර ඇතැම් හානිකර බැක්ටීරියා ඇතුළු ජීවීන් එහි සිටින බවට තහවුරු කර තිබේ. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක (shipment) කොටසකි.