දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වේ.කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් එම රෝගියා බාහිර පරිසරයට නිරාවරණයවූ ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය ජනතාව මෙන්ම ජනතාවද නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සෞඛ්‍ය අංශ මගින් සිදුවේ.