යාපනය චාවකච්චේරි, මණ්ඩුවිල් ප්රදේශයේ කසල ගොඩක තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න පවුම් 8 කට වැඩි රන් ආභරණ තොගයක් නැවත හිමිකරුටම ලබා දීමට චාවකච්චේරි නගරසභා සේවකයින් පිරිසක් විසින් පියවර ගෙන ඇත.
මණ්ඩුවිල් ප්රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට තිබූ කසල ගොඩක් ඊයේ (21) දින ඉවත් කරමින් සිටියදී එහි රෙදිවලින් ඔතන ලද පාර්සලයක් තිබී එය පරික්ෂා කිරීමේදී මෙම රන් ආභරන නගරසභා සේවකයින්ට හමු වී ඇත.
පසුව ඒ පිළිබඳව අසල නිවෙස් කිහිපයකට දැනුම් දීමට නගරසභා සේවකයින් පියවර ගත් අතර පසුව අද (22) දින අදාල රත්තරන් වල හිමිකරු පැමිණීමෙන් පසුව ඔහුට රන් ආභරණ ලබා දීමට නගරසභා සේවකයින් පිරිස පියවර ගෙන ඇත.
අදාල රන්ආභරන මෙලෙස කසල ගොඩට යාමට හේතුව වශයෙන් එහි හිමිකරු පවසා ඇත්තේ යාපනයේ දිස්ත්රීක්කයේ ක්රියාත්මක සොර කල්ලිවලින් රන් ආභරන ආරක්ෂා කිරීම සඳහා රත්තරන් රෙදි පොදියක බහා නිවසේ මුල්ලක දමා තිබියදී ඥාතියෙකු විසින් එය පරන රෙදි යැයි සිතා කසල ගොඩට විසිකොට ඇති බවය.
කෙසේ වෙතත් රන්ආබරන හිමිකරු විසින් නැවත රණ් ආභරන ලබාදුන් නගරසභා සේවකයින් හට ප්රසංශා කොට රන් ආභරන රැගෙන යාමට පියවර ගෙන ඇත.