මත් ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් වල නිරත වූයේ යැයි පොලිස් අත් අඩංගුවට ගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කුඩා රොෂාන් නැමැත්තාට අයත් යැයි පැවසෙන නිවාස 2 ක් හා නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් 28 වන දින තහනමට ලක් කල බව ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතා පැවසීය.
ජාඇල පොලිස් වසමට අයත් එකල රජවත්ත ටෙරන්ස්හී පිහිටි නවීන පන්නයේ දෙමහල් නිවසක් එම නිවසේ තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් හා නිවන්නම් ප්‍රදේශයේ තිබූ තවත් නවීන පන්නයේ නිවසක් මෙලෙස නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් තහනමට ලක් කරනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ගුණතිලක මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම දේපළ හදුනාගෙන තිබිණි.
නීති විරෝධී දෙපට පිහිටි ස්ථාන පරික්ෂා කිරීමට පැමිණි බස්නාහිර පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පවසා සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කුඩු රොෂාන් ට අයත් නීති විරෝධීව උපයා ගෙන ඇති දේපල හදුනාගැනිමින් මෙලෙස තහනමට ලක් කරන බවයි.
කුඩු රොෂාන් ඒකල රජ වත්ත ටෙරන්ස් හි පිහිටි නවීන පන්නයේ නිවස රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට අවස්ථා තුනකදී මුදල් ගෙවා ලබාගෙන තිබේ. එහි තිබූ නවීන මෝටර් රථය රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා බවද ඒ මහතා පවසා සිටියහ.
කුඩු රොෂාන් නැමැත්තා එම දේපල ඔහුගේ අනියම් බිරියකගේ නමට හා ඤතීන්ගේ නම් වලට ලබාගෙන තිබෙන බව ද බස්නාහිර පලාත් උතුර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මත්ද්‍රව්‍ය පළතුරක් කිරීමේ හා පාතාලය මැඩලීමේ "යුක්තිය " මෙහෙයුමට යටතේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කල බවත් ඉදිරි විමර්ෂණ කටයුතු වලදී තවත් දෙපට හමුවිය හැකි බවත් තවත් ජාවාරම් කරුවන් පිරිසක් නීති විරෝධීව අත් පත් කරගෙන සිටින දේපළ හදුනාගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ කටයුතු සිදු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
ප්‍රසංග පෙරේරා