සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස වැඩ තහනම් කරනු ලැබූයේ මතුගම පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුගේය.සැකකටයුතු පුද්ගලයන් කීප දෙනෙකු වැලි පැන්න කෝපි වත්ත අරලිය උයන නිවසක රැඳී සිටින බවට වැලිපැන්න පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් තිදෙනා සහ නිවෙස් හිමිකරුද අත්අඩංගුවට ගෙන අත.
එම පිරිස පොලීසියට රැගෙන විත් සිදුකළ පරික්ෂාවේදී අත්අඩංගුවට ගත් නිවෙස් හිමියා යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන අතර, ඔහු ඉකුත් දිනවල වැලි පැන්න පොලීසිය මගින් සිදුකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුවසාර කැදැල්ල සඳහා යොමු කළ පුද්ගලයකු බවටද අනාවරණය වූ බව පොලීසිය කියයි.
දින 14 ක කාලයක් එලෙස පුනරුත්ථාපනයට යොමු කර තිබූ එම සැකකරු දින හතක් පමණක් ගතකර එම ස්ථානයෙන් පලා ආ පුද්ගලයකු බවටද වැඩිදුරටත් අනාවරණය වී අත.
සෙසු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමේදී ඔවුන් තිදෙනාම මතුගම පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් බවට අනාවරණය වූ බවත්, ඔවුන්ගේ ද ශරීරය පුරාම විවිධ පච්ච කොටා තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් තිදෙනා කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂණයකට ලක් කර ඇති අතර, ඒ අනුව අන්තරාදායක ඖෂධයක් වන මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට මුත්‍රා පරික්ෂාවෙන් තහවුරු වී යැයි පොලීසිය කියයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ නියෝග මත කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා විසින් පියවර ගෙන ඇත.
බණ්ඩාරගම බණ්ඩාරගම බිමල් ජයසිංහ- පානදුර සුමිත් පොතුපිටිය