හෙට දිනයේදී (2024 .03 .23) දිවයිනේ බොහෝ ප්‍රදේශ සඳහා වැසි ලැබෙනු අතැයි කාලගුණ විද්‍ය දෙපාර්ථමේනතුව දැනුම්දී සිටියි.
ඒ් අනුව ඔවුනගේ නිවේදනය පහත පරිදි වෙයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රක්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය