වතුර තත්ත්වය නිසා හා වෛරස් තත්ත්වයන් යටතේ මරණයට පත් වූ කුකුළු මස් වෙළෙඳ පොළට පැමිණෙන බවට තොරතුරු වාර්තා වී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.
මස් පිණිස වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන කුකුළු මස් සුදු පැහැයක් ගන්නා බවත් එහෙත් ගංවතුර තත්ත්වය තුළ හාවෛරස් රෝගවලින් මරණයට පත්වන කුකුළන්ගේ මස් රතු පැහැට හුරු බවද පවසා සිටියේය.
පාරිභෝගික ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කර මස් මිලදී ගැනීම සිදුකරන ලෙසත් පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයන්වලට කුකුල් ගොවිපොළවල් කිහිපයක් හසු වී තිබෙන බවත් පොදුවේ ගොවිපළවල විවිධ වෛරස් තත්ත්වයන් පැතිරීම නිසා කුකුළන් මිය යාම සිදුවන බවද සඳහන් කළේය.
ගංවතුර තත්ත්වයන්ට හා වෛරස්වලට ගොදුරු වී මිය යන කුකුළු මස් භාවිත කිරීම කිරීම සිදුනොකරනලෙසද එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.